පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් අනතුරට කරමින් මාරක රිය අනතුර සිදු කළ ජනප්‍රිය රගර් ක්‍රීඩක තරින්ද රත්වත්ත ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් අද නියෝග කළේය.
විත්ති පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස කියා සිටියේ මේ අනතුර හිතා මතා සිදු කළ සාවද්‍ය සිදුවීමක් නොවන බවත්, සාමාන්‍ය රිය අනතුරක් බවත්, ඒ නිසා ආප ලබා දෙන ලෙසත්ය. රිය අනතුරට ලක් වූ අය වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට තම සේවා දායකයා සූදානම් බවද ජනාධිපති නීතිඥවරයා පැවසීය.
එහෙත්පැ මිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ විමර්ශන කටයුතු තව නිමා වී නැති බැවින් පැමිණිලි කරුට ඇප දීම සම්බන්ධව තමන් විරුද්ධ වන බවය. ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්.ප්‍රභාකරන් නියෝග කළේ සැකකරු ලබන 19 දක්වා රිමාන්ඩ් කරන ලෙසය.