දිනසේන රතුගමගේ:
ඉන්දියාවේ තමිල්නාඩුවේ සිටින කොරෝනා ආසාධිතයින් පිරිස ශ්‍රී ලංකාවට රැගෙන විත් ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමේ කිසිම වරදක් නැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා 17 දා පැවසීය.
මාධ්‍යයට අදහස් දක්වමින් සම්බන්ධන් මහතා කියා සිටියේ තමිල්නාඩුවේ කොරෝනා ආසාධිතයින්ට ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර කිරීම දේශපාලන වාසියක් නොවූවත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින දැඩි මිත්රශීලීභාවය හා දේශපාලනමය සබදකම මත එසේ කිරීම යෝග්‍ය බවයි.
ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයට මුහුණ දුන් අවස්ථාවේදී ඉන්දියාව ඖෂධ ආධාර හා වෙනත් උපකරණ ආධාර විශාල වශයෙන් ලබා දුන් ආකාරයට දැනට තමිල්නාඩුවේ හිරවී සිටින කොරෝනා ආසාධිතයින් ශ්‍රී ලංකාවට රැගෙන විත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම කෙරෙහි අවධානය ශ්‍රී ලංකා රජය විසින් යොමු කළ යුතු බවද සම්බන්ධන් හිටපු මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.