දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ පලෙයි ඉත්තාවිල් ප්රදේශයේදී ටිපර් රථයක් හා මෝටර් රථයක් එකිනෙක මුහුණට මුහුණලා ගැටුණු අනතුරකින් පියකු හා පුතුන් දෙදෙනෙකු 26 දා රාත්රී මියගොස් තිබේ.
රාත්රී 9 ට පමණ සිදු වූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ පලෙයි ධර්මකේණී ප්රදේශයේ වයස අවුරුදු 38 ක පියකු හා ඔහුගේ වයස අවුරුදු 14 හා 11 බැගින් වූ දරුවන් දෙදෙනාය.
දරුවන් දෙදෙනා අනතුර සිදුවූ ස්ථානයේ දීම මියගොස් තිබේ.
අනතුරට හේතුව අධික වේගයෙන් පැමිණි ටිපර් රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මෝටර් රථයේ ගැටීම බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති අතර අනතුරෙන් පසුව ටිපර් රථයේ රියදුරු පලාගොස් ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා පලෙයි පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.