පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ෂණය කෙරෙන ජනාධිපති විමර්ශණ කොමිෂන් සභාවේ සාක්ෂි ලබා දුන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොමිසම හමුවේ කළ ප්‍රකාශ ජංගම දුරකථනයක් ආශ්‍රෙයන් පටිගත කිරීමේ සිද්වීම හේතුවෙන් ඉදිරියේදී කිසිදු නීතිඥයකුටත් කොමිසම තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කර ඇති බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මෙම සිදුවීමට හේතු වූයේ පසුගිය දිනෙක ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සාක්ෂි දෙන අවස්ථාවේදී එදිනම සාක්ෂි ලබා දීමට පැමිණි ජමයිතුල් උලමා සංවිධානය නියෝජනය කරන මවුලවිවරයෙක් තම නීතීඥයා මාර්ගයෙන් ජංගම දුරකථනයක් කොමිසම තුළට ගෙන්වා ගෙන එයින් ඥානසාර හිමියන්ගේ ප්රකශහය පටිගත කිරීම පිළිබඳව අනාවරණය වීමත් සමය.
මේ වනවිට ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා අදාළ නීතීඥයාට සහ මවුලවිවරයාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අදාළ නෛතික පියවර ගැනීමට කටයුතු කරන ලෙස කොමිසමේ ලේකම්වරයා වෙත නියෝයක්ද කර ඇත.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන මෙම ජනාධිපති කොමිසම වෙත සාක්ෂි දෙන පුද්ගලයන්ට ජංගම දුරකථන රැගෙන යාම තහනම් වුවද නීතීඥවරුන්ට එම උපාංග රැගෙන යාමේ අවසරය තිබිණි. කෙසේ වුවද හෙට සිට නීතීඥවරුන්ටද කොමිසම තුළට ජංගම දුරකථන ගෙන යාම තහනම් කොට තිබේ.