පාස්කු ප්රහාරය පිළිබඳව ලබා දුන් සාක්ෂිය හේතුවෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජිවිතයට තර්ජනයක් එල්ලවෙතැයි කොමිෂන් සභාවට හැඟී යන හෙයින් උන්වහන්සේට වහාම ආරක්ෂාව සපයන ලෙස පාස්කු ප්රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව විසින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට ඊයේ (19) නියෝගයක් නිකුත් කළේය.
ඥානසාර හිමියන් දින තුනක් තිස්සේ ලබා දුන් දීර්ඝ සාක්ෂිය අවසන් කරමින් කොමිෂන් සභාවේ සභාපති විනිසුරුවරයා මේ නියෝගය නිකුත් කළේය.