887දී උත්සවශ්‍රීයෙන් සැමරූ එක්සත් රාජධානියේ වික්ටෝරියා රැජිනගේ පදවිප්‍රාප්තියේ 50 (ස්වර්ණ) ජයන්තිය සැමරීම සඳහා ඇයගේ යටත් විජිතයක් වූ ලංකාවේ පිහිටවූ ස්මාරකය වන ජුබිලි කණුව මීට දින තුනකට පෙර තිබුණු ස්ථානයෙන් අතුරුදහන්ව තිබිණි.
මිරිහානේ පිහිටි මෙම ස්මාරකය හිටි වනම තිබූ තැනින් ගැලවී යෑම සම්බන්ධව වැඩි දෙනෙකු විමසන්නට වූයේ ඒ අවට ව සංවර්ධන කටයුත්තක් සිදුවෙමින් ඇති බැවිනි.
මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසන විට පැවසුවේ අවට සංවර්ධන කටයුත්තක් සිදුවන බැවින් ස්මාරකයේ ආරක්ෂාව තකා එය ගලවා කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කළ බවය.
සංවර්ධන කටයුත්ත නිමා කළ පසු සුදුසු තැනක් බලා එය යළි ස්ථාපිත කිරිමට කටයුතු කරන බව ඔවුහු පැවසූහ.