fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, මාර්තු 1, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    අද දින තුළ කොවිඩ් මරණ 07යි… ආසාදිතයන් 350යි…

    නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

    මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

    ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

    Galagodaatte-Gnanasara-Thero

    නීතිය හදන ක්‍රියාත්මක කරන තැන්වල බහුතරය ක්‍රිස්තියානි මූලධර්මවාදීන්…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

    නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

    ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

    ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

ජනාධිපති තුමනි… මේ සිදුවන්නේ ඔබගේ ධූර කාලයේ දී සිදුවෙතැයි සිහිනයෙනුදු නොසිතූ දේය…

වියත්මග ප්‍රධානී එරංග ගිනිගේ ජනාධිපතිට ලියයි...

editor by editor
ජනවාරි 17, 2021
in පුවත්
436 4
ජනාධිපති තුමනි… මේ සිදුවන්නේ ඔබගේ ධූර කාලයේ දී සිදුවෙතැයි සිහිනයෙනුදු නොසිතූ දේය…
Share on FacebookShare on Twitter

එරන්ද ගිනිගේ වියත්මග සංවිධානයේ ආරම්භක බලකණුවය.  අන්තර්ජාතික තලයේ අත්දැකීම් සහිත වෘත්තිකයෙක්,  සමාජ ව්‍යවසායකයෙක්, ගත් කතුවරයෙක්  ලෙස සමාජය හඳුනා ගන්නා එරන්ද මේ ආණ්ඩුව බලයට රැගෙන ඒම සඳහා බලාපොරොත්තු උපදවන ආකර්ෂණීය පෙළගැස්මක් බිහි කළ පුද්ගලයෙකි.  එහෙත් ඔහු රජය බලයට පත් වූ පසු එහි ක්‍රියාකාරී හැසිරීම් ගැන කලකිරී සිටියේය. පසුගිය අගෝස්තුවේ ඔහු සිය අපේක්ෂා භංගත්වය මුල් වරට පල කළේ වියත් මගෙහි සියලු තනතුරුවලින් ඔහු ඉල්ලා අස්වන බව කියමිනි.  පෙරේදා ඔහු ජනාධිපතිවරයාට යැවූ ලිපියක් සිය ෆේස් බුක් ගිනුමෙහි මේ ලිපිය පල කර තිබිණි.  

“ මේ සිදුවන්නේ අප සිහිනයෙන්වත් සිතූ දේ නොවේ… “ මේ එරංග ගිනිගේ ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය ය. 

RelatedPosts

අද දින තුළ කොවිඩ් මරණ 07යි… ආසාදිතයන් 350යි…

නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

 ගරු ගෝඨාභය ජනපතිතුමනි

ඔබතුමාගේ ජනපති ධූර කාලය තුළ සිදු වේ යැයි මා හීනෙන්වත් නොසිතූ දෑ දැන් සිදුවෙමින් තිබේ. ඒවා ලැයිස්තුවක් ඇති මුත් මේ ලිපිය ලියන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධවයි. ඔබතුමා පැහැදිලිවම ඉන්දියාවට බිය වී සිටී. ඔවුන්ගේ තර්ජන ගර්ජන හමුවේ ඔබතුමාගේ කොන්ද වකුටු වී තිබේ. ගමේ වැසියන් ඉදිරියේ වීරයෙකු මෙන් කතා කළත් ඉන්දියානුවන් ඉදිරියේ ඒ වීරකම් නැති බව පෙනේ. එය කණගාටුවට කරුණකි.

නමුත් ඔබතුමා මුහුණ දී සිටින තත්ත්වයද මට තේරුම් ගත හැකිය. ඔබතුමා බලයට ගෙන ඒමට ඇමරින්දියාව කිසියම් කාර්යයක් කළ බවත් ඉන්දියාවේ සහාය නොමැතිව ඔබතුමාට ඉදිරියට කටයුතු කළ නොහැකි යැයි පුන පුනා ඔබතුමාට කියා දෙන ඒජන්තයන් ඔබේ කර උඩ ලැගගෙන ඉන්නා බවත් පැහැදිලිය.

කිසිදු බාහිර පාර්ශවයකට යටත් නැති ජනරජයේ වැසියන්ට පමණක් වගවෙන වගකියන අයෙකු ජනරජයේ වැසියන් විසින්ම පමණක් සිය ජනපති කරගත්තා යැයි මා සිතුවත් තවත් මිලියන ගණනක වැසියන් තවම සිතා සිටියත් එය සත්‍යයක් නොවන ළාමක හිතළුවක්ම යැයි මා තේරුම් ගත්තේ ඔබ ජනපති වූ මුල් මාස කිහිපයේදීමය. ශ්‍රී ලංකාව පාලනය කරන්නේ එහි වැසියන් විසින් වැසියන්ට උවමනා ආකාරයට නොවන බව මනාව ඔප්පු කරන ආසන්නතම නිදසුන නැගෙනහිර ජැටිය පිළිබඳව ඔබතුමා සිදු කළ සසර කලකිරවන ප්‍රකාශයයි.

ලංකාවේ ජනපතිවරු සහ ආණ්ඩු හදවන්නේත් ඒ හදන ආණ්ඩු ක්‍රියා කරවන්නේත් ඒවා බිඳ දම්මවන්නේත් ප්‍රබල විදේශ සංවිධාන සහ ධනවත් පුඟුලන් විසින් බව මම දැන් ප්‍රත්‍යක්ෂයෙන් දනිමි. ලබන පෙබරවාරි හතර වැනිදා සමරන ඊනියා ස්වාධීනත්වය යනු අප අපවම රවටා ගන්නා හිස් කර්මයක් බව පැහැදිලිය. මන්ද ජනරජයේ සම්පතක් පිළිබඳව තීරණය ගන්නේ විදේශ රාජ්‍යයක උවමනාවට නම් ජනරජය ස්වාධීන විය නොහැක. ස්වෛරී විය නොහැක. නිදහස් විය නොහැක. ඒ අනුව බලන කල මේ රාජ්‍යය ජනරජයක්ද නොවේ. මන්ද රාජ්‍යයේ අයිතිය එහි වැසියන් නොවන අයටද තිබෙන බැවිනි. එහි ඇති ප්‍රජාතන්ත්‍රයකුත් නැත. මන්ද රාජ්‍යය තන්ත්‍රය සඳහා තීන්දු තීරණ ගන්නේ එහි වැසියන් විසින්ම නොවන බැවිනි.

මෙවැනි මූලධර්ම සහ ප්‍රතිපත්තිමය කාරණා ගැන මා වදවෙන බව ඔබතුමා දනී. නමුත් බහුතර ලක්වැසියන්ට මේවා ගැන අවබෝධයක් හෝ උනන්දුවක් හෝ නැති බවත් අප දෙදෙනාම දනී. අයිතියෙන් කොටස් විකිණීම “විකිණීමක්” නොව “ආයෝජනයක්” යැයි ඔබතුමා කියන්නේ එවැනි පරස්පර ප්‍රකාශ විනිවිද දැකීමට තරම් බුද්ධියක් බහුතර ලක්වැසියන්ට නොමැති බව ඔබතුමා දන්නා බැවිනි. මා බලාපොරොත්තු වූයේ ඔබතුමා ඒ ලක්වැසියන්ට බුද්ධියේ පහන දල්වනු ඇත කියාය. නමුත් ඔබතුමා කරන්නේත් අන් සියලු නියෝජිතයන් කරන්නාක් මෙන් අන්ධකාරයම පවත්වා ගැනීමකි. එය ඔබතුමාගේ පෞද්ගලික උවමනාව මත වුවත් නැතත් කොහොමත් සිදු වෙන්නේ එය බව ඔබ පිළිගත යුතුය.

මා බලාපොරොත්තු වූයේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියකි. නමුත් ජනරජයේ ප්‍රධානියාම විදේශයන්ට බැඳී ඇත. මා බලාපොරොත්තු වූයේ ලංකාවේ වරාය විසින් දකුණු ආසියාවේ වෙනත් වරාය කළමනාකරණය කරන දිනක් ඉක්මනින් උදාවනු ඇත කියාය. නමුත් දැන් සිදුවන්නේ ලංකාවේ හැදෙන වරාය ටිකත් බාල පිටස්තර ව්‍යාපාරිකයන් විසින් කළමනාකරණය කරන තැනට වැටීමයි. මා බලාපොරොත්තු වූයේ ඔබතුමා ඒ දිනවල අපට කියූ මෙරිටෝක්‍රසී ක්‍රමයට රටේ දක්ෂයාටම සුදුසු තැන දෙනු ඇත කියාය. නමුත් ඔබතුමා වරායට පත් කිරීම් කර ඇත්තේ වෙනත් රටවල උවමනාවටය. මා බලාපොරොත්තු වූයේ සියලු විධායක කටයුතු විවෘතව සහ විනිවිදභාවයකින් සිදු කරනු ඇත කියාය. නමුත් නැගෙනහිර ජැටිය අරබයා ඇස්තමේන්තු වැසියන්ට දක්වා නැත, ව්‍යාපාර සැලැස්ම වැසියන්ට දක්වා නැත, වාසි-අවාසි විශ්ලේෂණ වැසියන්ට දක්වා නැත, විකල්ප සැසඳුම් වැසියන්ට දක්වා නැත, අවදානම් කළමනාකරණ සැලසුම් වැසියන්ට දක්වා නැත, විවෘත ටෙන්ඩර් පටිපාටි නැත…

මා බලාපොරොත්තු වූයේ කෙතරම් අපහසු වුවත් ඔබතුමා හරි දෙයම හරි විදිහට හරි තැන හරි වේලාවට කරනු ඇත කියාය. සියලු බාධක හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිනු ඇත කියාය. නමුත් ඔබතුමා පීඩනය ඉදිරියේ සැලී ඇත. ඉතා විශාල වන්දියක් ගෙවා උගත් වටිනා පාඩම් ඔබතුමාට අමතක වී ඇත. ඔබතුමා පසුපසින් අවංක දක්ෂ ශක්තිමත් කණ්ඩායමක් නැත. ඉන්නේ මිත්‍යාදෘෂ්ටික අවස්ථාවාදී අහංකාර බිස්නස්කාරයන් කිහිපදෙනෙකි. එවැනි තත්ත්වයක් හමුවේ ඉදිරියට යහපතක් වේ යැයි සිතන්නට බැහැ ජනපතිතුමනි. ඔබ විසින් ඔබවම අර්බුදයට පත් කරගෙන ඇත.

ඔබතුමා නිල වශයෙන් ජනපතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ දිනයේ හිටපු ජනපති ගරු මහින්ද රාජපක්ෂ මහතා සිය විශිෂ්ට කතාව අවසානයේ ඔබ දෙසට ඇඟිල්ල දිගු කරමින් කියූ ප්‍රකාශය මාගේ දෙසවනේ දෝංකාර දේ. “මට පළමුව වටින්නේ මගේ රට… දෙවනුවත්… තෙවනුවත් මට වටින්නේ මගේ රට… ගෝඨා! ඔබටත් එය එසේ විය යුතුයි!!!” යනුවෙන් ශාලාව ගුගුරවමින් ඒ කියූ වචන අද මහත් බරකින් දැනේ.  ඔබතුමාට ඒවා මතකද?

ඔබේ විශ්වාසී

එරන්ද ගිනිගේ
වැසියා
2021 ජනවාරි 15

Tags: නවතම
Previous Post

මාස 11ක් තුළ පී.සී.ආර් පරීක්ෂණ සඳහා රජය කෝටි 648ක් වියදම් කරලා…

Next Post

ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලන්ඩනයේ දී කොවිඩ් ආසාදනයෙන් මරුට…

Related Posts

අද දින තුළ කොවිඩ් මරණ 07යි… ආසාදිතයන් 350යි…
පුවත්

පෙබරවාරි 28, 2021
නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්
පුවත්

නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

පෙබරවාරි 28, 2021
මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 
පුවත්

මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

පෙබරවාරි 28, 2021
ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…
පුවත්

ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

පෙබරවාරි 28, 2021
Next Post
ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලන්ඩනයේ දී කොවිඩ් ආසාදනයෙන් මරුට…

ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලන්ඩනයේ දී කොවිඩ් ආසාදනයෙන් මරුට...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • අද දින තුළ කොවිඩ් මරණ 07යි… ආසාදිතයන් 350යි…
  • නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්
  • මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist