සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත කොවිඩ් එන්නත හෙට (16) සිට ලබන (19) දක්වා ලබාදීමට කටයුතු කර තිබේ.
ඒ අනුව යුධ හමුදා රෝහලේදී එම එන්නත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක ය.
මේ අතර කොවිඩ්-19 වෛරසය සඳහා වන එන්නත ජනතාව වෙත ලබාදීම අද (15) සිට ආරම්භ කර තිබේ.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ මෙම එන්නත ලබාදීම පළමුවෙන් බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන බව ය.
මුල් අදියරේදී බස්නාහිර පළාත තුළ වාසය කරන කොච්ඩ්-19 ආසාදනය වීමට වැඩි ඉඩකඩක් ඇති අවදානම් කලාපයන්හි සිටින පිරිස් හඳුනාගෙන ඔවුන් සඳහා එන්නත් ලබාදීම සිදුකෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පොදු ජනයාට එන්නත ලබාදීම අද ආරම්භ විය.