ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් මෙම දැනුම්දීම සිදුකර ඇතැයි වාර්තා වේ.
නුවරඑළිය, රදැල්ල ප්‍රදේශයේ පිහිටි ගුවන්විදුලි සංස්ථාව සතු ඉඩමක් අනුමැතියකින් තොරව පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙකුට බදු දී තිබීමත් ගුවන් විදුලිය සතු සංඛ්‍යාත කිසිදු අනුමැතියකින් තොරව වෙනත් පාර්ශවයකට ලබා දීමත් යන චෝදනා හේතුවෙන් සභාපතිවරයාට හා අධ්යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.