දිනසේන රතුගමගේ –
මුලතිව් දිස්ත්රික්කයේ වැසියන්ට ඡන්දය ප්රකාශ කිරීමට යාමේ පහසුව පිණිස මාර්ග කීපයක යොදවා තිබූ මාර්ග බාධක යුද හමුදාව විසින් 4 දා රාත්රී ඉවත් කොට තිබේ.
මාර්ග බාධක ඉවත් කරණු ලැබුවද යුද හමුදාවේ ජංගම පරීක්ෂා කිරීම් මගින් සැකකටයුතු වාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීම නතර කොට නැතැයි යුද හමුදාව ප්රකාශ කරයි.
කෙසේ වෙතත් යුද හමුදාව විසින් මුරපොලවල් ඉවත් කිරීම සම්බන්ධයෙන් මුලතිව් ජනතාවගේ ප්රසාදය යුද හමුදාව වෙත පල වී තිබේ.
මැතිවරණ කටයුතු වලින් අනතුරුව යළිත් මුලතිව් ප්රදේශයෙන් ඉවත් කරණ ලද මුර පොලවල් යළි පිහිටුවීමටද යුද හමුදාව තීරණය කොට තිබේ.