මහ මැතිවරණයේදී කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය නිලධාරීන් හා හෙද නිලධාරීන් ගේ අධීක්ෂණය යටතේ ඡන්දපොළ සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එසේම ඡන්දපොළ විෂබීජ හරණය කිරීමේ කටයුත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විධායක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටත් කටයුතු යොදා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
කොරෝනා වෛරසයෙන් තොරව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් ඒ මහතා මේ බව අද පවසා තිබුණි.
ඊයේ (23) මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් දැනුම්වත් කිරීම සිදුවූ බවත් මෙම සෞඛ්‍ය ආරක්ෂිත ඡන්දපොළ කටයුතු පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් මූලිකත්වය ගෙන කටයුතු කිරීම ඔවුන් විසින් සිදු කරනු ඇති බවත් දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.
මෙසේ සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දපොළ පවත්වාගැනීම හා සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය පැවැත්වීම හරහා ඡනතාව ඡන්දය ලබාදීමට ඇති බිය පහ වන බවත්, එමෙන්ම ඡන්ද රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට සිය ආරක්ෂාව සම්බන්ධයෙන් බියක් ඇති නොවනු ඇති බවත්, සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.