දිනසේන රතුගමගේ –
කැනඩාවේ ටොරොන්ටෝ ස්කැර්බෝර්ග් කෙනඩි පාරේදී පුද්ගලයෙකුට වෙඩි තැබීම ඔහුගේ මෝටර් රථයට අලාභහානි කිරීම වෙළද සංකීර්ණයක සීසීටීවී කැමරා පද්ධතිය හා හදිසි ගිනි සම්බන්ධයෙන් සංඥා නිකුත් කෙරෙන සංඥා පද්ධතිය ක්රියා විරහිත කිරීම ඇතුළු චෝදනා හතකට යාපනයේ දෙමළ තරුණයෙකුව සැකකෙරෙන අතර ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා ටොරෙන්ටෝ පොලීසිය 12 දා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
පසුගිය මැයි මස 15 වෙනිදා මෙම සිදු වීම සිදුව ඇති අතර සියළුම පද්ධති විනාශ කිරීම නිසා අපරාධයට සම්බන්ධ පුද්ගලයින් සොයා ගැනීම විශාල ප්රශ්නයක්ව තිබුණද මේ සිද්ධියේ දර්ශන ඇතුළත් සීසීටීවී දර්ශන පෙළක් පොලීසිය විසින් මුදා හැර තිබේ.
ටොරෙන්ටෝ පොලීසිය ඉල්ලා සිටින්නේ මේ අපරාධයට සම්බන්ධ ශ්රී ලාංකික දෙමළ තරුණයා හා ඔහුගේ මිතුරා අත් අඩංගුවට ගැනීමට සහය ලබා දෙන ලෙසයි.
මෙම අපරාධයට සම්බන්ධව ඇත්තේ ප්රින්ස් දිලක්ෂන් නැමති 24 හැවිරිදි තරුණයෙකු බවද පොලීසිය සදහන් කරයි.
ඔහු යාපනයේ පදිංචිකරුවකු වන අතර මේ සදහා ඔහුට සහය දැක් වූ අනෙක් මිතුරා පිළිබදව තොරතුරු හෙළි වී නොමැත. සිද්ධිය සම්බන්ධ වීඩියෝ දර්ශන ටොරෙන්ටෝ පොලිසිය විසින් නිකුත් කර තිබේ.