දිනසේන රතුගමගේ –
මන්නාරම මාන්තෙයි බටහිර ග්රාම නිලධාරීවරයා ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු 8 දා මන්නාරම ඉලුප්පකඩවෙයි පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මේ දෙදෙනාගෙන් එක් අයෙකු ඝාතනයට ලක් වූ ග්රාම නීලධාරීවරයා සමග සේවය කරණ කාන්තා ග්රාම නිලධාරීවරියකගේ ස්වාමියා වෙයි.
මන්නාරම ඉලුප්පකඩවෙයි පොලීසිය විසින් මේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරණ ලද මූලික පරීක්ෂණ වලින් පසුව මේ දෙදෙනා සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්රශ්න කරගෙන යයි.
එස්.විජයේන්ද්රන් නැමති මෙම ග්රාම නිලධාරීවරයා සේවය අවසන් කොට ඔහුගේ නිවස බලා පැමිණෙමින් සිටියදී ඝාතනයට ලක්ව තිබුණේ පසුගිය 3 දා රාත්රියේදීය.