කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් සම්මත සෞඛ්‍ය නීතිවලට පටහැනිව ගල්කිස්ස හෝටලයක නවතා තබා සිටිය දී ඔවුන්ගෙන් 31 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා බරපතල ගැටලු සහගත තත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය අංශවල මැදිහත්වීමකින් තොරව කම්හල් පරිපාලනය හා හෝටල් කළමනාකාරිත්වය එක්ව ගත් තීන්දුවක් අනුව පී.සී,ආර් පරීක්ෂණ කළ කම්හල් සේවක මණ්ඩලයේ 60 දෙනෙක් හෝටලයේ නවත්වා ඇතැයි කියැවේ.
මේ සම්බන්ධව රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හෝ ගල්කිස්ස මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා දැනුවත්ව සිට නැත. මෙවැනි ස්ථානක් පවතින බව ඔවුන් දැනගන්නේ අද දහවල් නිකුත් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් 34 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව වාර්තාව වීමත් සමගය.
සෞඛ්‍ය අංශ පවසන්නේ පී.සී.ආර් පරීක්ෂණ කර නිරෝධායනයට ලක් කිරීම වගකීම් සහගත විද්‍යාත්මක ක්‍රියාවලියක් බවත් මේ කළමනාකාරිත්වය හැසිරී ඇත්තේ වගකීම් සහගත නොවන අයුරින් බවත්ය. වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණය යටතේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් විය යුතු මෙවැනි හුදකලා කිරීම්වලදී උපස්ථාන කරන කාර්ය මණ්ඩලය හැසිරිය යුතු ආකාරයක් තිබේ.
“ අපි දන්නෙ නෑ මෙතන මොනව ද උනේ කියලා. මේ කාර්ය මණ්ඩලය හරහා හැසිරුණු ආකාරය, ඔවුන් සමාජ ගත වුණු ආකාරය ගැන අපි දන්නේ නෑ… එය බරපතල ගැටලුවක්…“ ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසයි.