කොළඹ ගලදාරී හෝටලයේ දී අත්අඩංගුවට පත්වුණු මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනා මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරගතව සිටින පාතාල අපරාධකරුවෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
කොළඹ තරු හෝටල්වල සමාජ ශාලා ආශ්‍රිතව කෙරෙන මේ මත්පෙති ජාවාරම ගැන කලක සිට තොරතුරු ලැබෙමින් තිබුණු බවත්, මෙම පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යද්දී අපරාධය මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරය තුළ සිට බවත් තොරතුරු අනාවරණය වී යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසීය.
කුරියර් සේවයකින් ලැබුණු බව කියන මෙම මත්ද්‍රව්‍ය තොගය අතර දෙකොටි අසූලක්ෂයක් වටිනා මත්පෙති පන්දහස් හයසීයක් සහ හෙරොයින් තිබුණු බව පොලිසිය පවසයි.
This is an excellent and interesting article..