දිනසේන රතුගමගේ –
අකිල ඉලංකෙයි තමිල් කොංග්රස් පක්ෂයෙන් යාපනයට තරග කොට මන්ත්‍රී ආසනයක් දිනාගත් ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා සහ ඔහුගේ ආධාරකරුවෝ පලමු මෙහෙවර වශයෙන් යාපනයේ පිහිටි තිලීපන්ගේ ප්‍රතිමාවට පුෂ්පෝපාහාර දැක්වූහ.
එම ප්‍රතිමාව ඉදිරිපිට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීමෙන් අනතුරුව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියා සිටියේ දෙමළ වැසියන්ගේ අයිතිවාසිකම් හා උරුමයන් වෙණුවෙන් මාරාන්තික උපවාසයක් දියත් කළ එකම දෙමළ නායකයා තිලීපන් පමණක් බවයි.