ශ්‍රියානි විජේසිංහ –
කොළඹ නගරයේ සියලුම රෝහල්වල ආරක්ෂාව තර කරන මෙන් රෝහල් අධ්‍යක්ෂවරුන්ට පොලීසිය දැනුම් දී තිබේ.
මුළු දිවයිනටම ඇදිරීනීතිය බලපැවැත්වෙන දිනයක් දෙක තුළ (24 , 25 ) රෝහල්වල පැමිණෙන රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හා අනවශ්‍ය ලෙස රෝහල්තුලට පුද්ගලයින් පැමිණීම සීමා කිරීමේ අරමුණින් මෙම දැනුම් දීම කර ඇතැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පැවසීය.
මේ අනු වෙනදාට ආරක්ෂාව ලබා නොදෙන රෝහලේ ඇතැම් ස්ථානයන් වෙතද ආරක්ෂාව ලබා දිමට කටයුතු කළ බවද වෛද්‍ය ගජනායක මහතා පැවසීය.