දිනසේන රතුගමගේ –
කොළඹ සිට වවුනියාවට පැමිණ තොරතුරු සගවා හොරෙන් සැගවී සිටි මවකට හා දියණියකට කොවිඩ් වැළදීම නිසා ඔවුන් දෙදෙනාව 11 දා රාත්‍රී කිළිනොච්චිය භාරතීපුරම් බෝවන රෝග ප්‍රතිකාර රෝහල සදහා යවා තිබේ.
වවුනියාවේ සාලම්බකුලම් නව මුස්ලිම් ගම්මානයේ පදිංචිව සිටි වයස අවුරුදු 23 ක මව හා වයස අවුරුදු 4 ක දියණිය කොළඹට ගොස් එහි ස්වාමියා සමග ජීවත් වී පසුගිය නොවැම්බර් 28 දා වවුනියාවට පැමිණ තිබේ.
වවුනියාව සාලම්බකුලම් නව මුස්ලිම් ගම්මානයේ මේ මව හා දියණිය සැඟවී ජීවත් වීම නිසා එම ගම්මානයේ පිරිසක් ආරක්ෂක අංශ වලට තොරතුරු දැණුම් දීමෙන් පසුව ඔවුන් පැමිණ ඒ දෙදෙනාව සෞඛ්‍ය නිලධාරීන්ට යොමු කොට පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කොට තිබේ.
එහිදී ඔවුන් කොවිඩ් ආසාධිතයින් බවට වාර්තා වීමෙන් පසුව ප්‍රතිකාර සදහා කිළිනොච්චිය වෙත යවා තිබේ.