ශ්‍රියානි විජේසිංහ:
කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තවීම නතර කිරිම සදහා ඉදිරිපත් කළ මාර්ගෝපදේශ වහාම ගැසට් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි.
එම මාර්ගෝපදේශ නීතියක් බවට පත් වන්නේ නම් පමණක් ජනතාව එය නිරන්තරයෙන්ම පිලිපදින බැවින් එය කොවිඩ් වෛරසය ව්‍යාප්තියට මැඩපැවැත්වීමට ප්‍රධානතම හේතුවක් වන බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි.
මෙම මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලවෙබ්අඩවියේ පල කිරීමෙන් එය නීතියක් බවට පත් නොවන බවත් ජනතාව අතරට එම පනිවිඩය නොයනු ඇති බවත් ලේකම්වරයා පෙන්වාදේ.
මෙම මාර්ගෝපදේශ නීතියක් බවට පත් වුවහොත් එය ඇතැම් පාර්ශ්ව කරුවන් වැරදි ලෙස භාවිතා කල හැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් සදහන් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද වෛද්‍ය අලුත්ගේ පැවසීය.
මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය බලධාරිනගේ අධීක්ෂණය යටතේ එය සිදු කිරීම මගින් වැරදි ලෙස භාවිත කිරීමේ හැකියාව ඇහිරෙනු ඇතැයි ද සංගමය පෙන්වාදේ.