දිනසේන රතුගමගේ –
වවුනියාවේ සාලම්බකුලම් නව මුස්ලිම් ගම්මානය වහාම හුදකලා කිරීමට සෞඛ්‍ය අංහ හා ආරක්ෂක අංශ 12 දා පියවර ගෙන තිබේ.
මෙම ගම්මානයෙන් කොවිඩ් -19 වැළදුණු මවක් හා දියණියක් හමු වීමෙන් පසුව එම ගම්මානහේ තවත් ආසාධිතයින් ඇති බවට සැක කරණ හෙයින් හා රෝගය පැතිර යාම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන තිබේ.
කොළඹ සිට වවුනියාවේ සාලම්බකුලම් නව මුස්ලිම් ගම්මානයට පැමිණ තොරතුරු සගවා හොරෙන් සැගවී සිටි මවකට හා දියණියකට කොවිඩ් වැළදීම නිසා ඔවුන් දෙදෙනාව කිළිනොච්චිය භාරතීපුරම් බෝවන රෝග ප්‍රතිකාර රෝහල සදහා යවා තිබේ.
වවුනියාවේ සාලම්බකුලම් නව මුස්ලිම් ගම්මානයේ පදිංචිව සිටි වයස අවුරුදු 23 ක මව හා වයස අවුරුදු 4 ක දියණිය කොළඹට ගොස් එහි ස්වාමියා සමග ජීවත් වී පසුගිය නොවැම්බර් 28 දා වවුනියාවට පැමිණ තිබේ.
වවුනියාව සාලම්බකුලම් නව මුස්ලිම් ගම්මානයේ මේ මව හා දියණිය සැගවී ජීවත් වීම නිසා එම ගම්මානයේ පිරිසක් ආරක්ෂක අංශ වලට තොරතුරු දැණුම් දීමෙන් පසුව ඔවුන් පැමිණ සෞඛ්‍ය නිලධාරීන්ට යොමු කොට ඒ දෙදෙනාව පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කොට තිබේ.
එහිදී ඔවුන් කොවිඩ් ආසාධිතයින් බවට වාර්තා වීමෙන් පසුව ප්‍රතිකාර සදහා කිළිනොච්චිය වෙත යවා තිබේ.