සුනේත්‍රා ඇතුගල්පුර –
“කොවිඩ් වෛරසය ලොවෙන් තුරන් වන්නේ නැත. සිදුවන්නේ එය අපගේ ජීවිතය කොටසක් බවට පත්වීම පමණක් ..”යැයි ස්විට්සර්ලන්තයේ බෝවන රෝග පිළිබඳ ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයකු වන මහාචාර්ය පීආතෝ වෙඅනට්සා පවසයි.
“මිනිසාගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වසර මිලියන ගණනාවක පරිණාමීය ක්‍රමවේදයක් මත වර්ධනය වූවක් බව අප මතක තබාගත යුතුය. එය මිනිසාට මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමට උපකාරී වනු ඇත.“ මහාචාර්යවරයා ප්‍රකාශ කරයි.
මුව ආවරණ භාවිතය , විෂබීජ හරන දියර භාවිතය හෝ ප්ලාස්ටික් ආවරණ භාවිතයට වඩා මිනිසාගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය මේ මොහොතේ අපට උදව් කරනු ඇතැයි යන්න මහාචාර්යවරයාගේ මතයයි
කොරෝනා වසංගතය හා එය මැඩ පැවැත්වීම සඳහා දරන උත්සාහයන් පිළිබඳව ඔහු ආන්දෝලාත්මක මත පල කරන අතර ඒවා ස්විස්ටර්ලන්ත මාධ්‍යයේ ප්‍රධාන මාතෘකා බවට පත්වූ අවස්ථා ද තිබේ .