ඊයේ (07) රාත්‍රි 11 ට පමණ මස්කෙළිය ප්‍රදේශීය රෝහලට ඇතුළත් කළ ශ්වසන ආබාධයක් සහිත රෝගියෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම රෝගියාගේ රෝග ලක්ෂණ අනුව ක්ෂණිකව දික්ඔය මුලික රෝහලට මාරු කර යැවීමෙන් කුපිත වූ රෝගියා රැගෙන පැමිණි පිරිස රෝහල කුඩු කරන්නට ගිය පුවතක් මස්කෙළියෙන් වාර්තා වේ.
රෝගියා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවිමට විරෝධය පාමින් රෝගියා සමග පැමිණි 70 පමණ පිරිසක් වෛද්‍යවරයාට සහ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කර වෛද්‍යවරයාගේ මොටර් රථයට සහ රෝහලේ ගිලන් රථයට පහර දි රෝහලේ ප්‍රදර්ශනය කර තිබු සෞඛ්‍ය ආරක්ෂිත දැන්විම් කිහිපයක්ද දැමූ බව දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනි එල්.එල්.ආර්.අයි දිලක්ෂිකියා සිටියාය.
දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවන ලද රෝගියා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බවත් , මිය ගිය රෝගියාගේ සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂාවේදි එම රෝගියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවත් දිස්ත්‍රික් වෛද්‍යවරිය කීවාය.
මස්කෙලිය ප්‍රාදේශිය රෝහල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපනය කිරිමට ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල රෝහල තුළ සිදු කරන නිසා නේවාසික රෝගින් ඇතුළත් කර නොගන්නා බවත්, සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බවයි මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනි පැවසුවාය.