දිනසේන රතුගමගේ –
කොරෝනා රෝගීන් හමුවීම වැඩි වීමත් සමගම දින ගණනාවක් තිස්සේ වසා දමා තිබූ වවුනියාව නගරයෙන් කොටසක් අද (18 ) උදෑසන මහජනතාව වෙනුවෙන් විවෘත කොට තිබුණි.
වවුනියාව නගරයේ බසාර් වීදිය ධර්මලිංගම් පාර හා වෙළඳපල වටරවුම් පාර හැර වසා දමා තිබූ අනෙක් මාර්ග යළි විවෘත කිරීමත් සමගම මාර්ග දෙපස පිහිටි වෙළෙඳසැල් ද යළි විවෘත කිරීමට වෙළඳසැල් හිමියෝ පියවර ගත්හ.
මේ අතර කොරෝනා ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් හමුවීම නිසා සංචරණ සීමා පනවා හුදෙකලා කොට තිබුණු වවුනියාවේ පටානීචූර් ගම්මානයද දින 15 කට පසුව යළි විවෘත කොට තිබේ.
වවුනියාව නගරයේ වසා දමා තිබූ ප්‍රධාන පාසල් හතක් ඇතුලු සියළුම පාසල්ද අද 18 දා යළි විවෘත වූ අතර එම පාසල්වලට සිසුන් සැලකියයුතු ප්‍රමාණයක් පැමිණි බව වවුනියාව කළාප අධ්‍යාපන අධ්යක්ෂවරයා පැවසීය.