නතාෂා නෙත්මිණි –
කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට රටක ජනතාවගෙන් සියයට 70කගේ ශරීය තුළ ප්‍රතිශක්තිය ගොඩනැගිය යුතු බැවින් ඒ සඳහා ඔවුන්ව එන්නත් කිරීම රටකට ඉතාමත් අසීරු කටයුත්තක් යැයි පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.
වෛද්‍ය විද්‍යාත්මක මතය වන්නේ යම් රෝගකාරක වෛරසයකට එරෙහිව ශරීරය තුළ ප්‍රතිශක්තියක් ගොඩ නැගීමට නම් රටක ජනගහනයෙන් සියයට 70ට එන්නත ලබා දීම හෝ සියයට 70ක පිරිසකට රෝගය වැලදීම මගින් රෝගයට එරෙහිව ශරීරය තුළ ප්‍රතිශක්තිය ගොඩනැගීම බව හෙතෙම පෙන්වාදේ.
කොවිඩ් 19රෝගය පාලනය වීමට නම් රටේ ජනගහනයෙන් අවම වශයෙන් සියයට 50ට ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම හා සමස්ත ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ උපදෙස් අකුරටම පිලිපැදි මගින් පමණකැයි ලේකම්වරයා අවධාරණය කරයි.