දිනසේන රතුගමගේ –
මන්නාරමේ ධීවරයින් පිරිසක් ඉන්දීය ධීවරයින් සමග එක්ව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම නිසා ඔවුන් සමග සබදකම් පැවැත්වූ යාපනය වඩමරච්චි ධීවරයින් පස් දෙනෙකු ඇතුලු 9 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යැවීමට පොලීසියට සිදුව තිබේ.ඉන්දියාවේ සිට බෝට්ටුවකින් පැමිණි ධීවරයින් පිරිසක් මන්නාරමේ ධීවරයින් හතර දෙනෙකු සමග එක්ව මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතව තිබේ.මන්නාරමේ මේ ධීවරයින් යාපනයේ වඩමරච්චි ධීවරයින් පස් දෙනෙකු සමග ධීවර කර්මාන්තයේ යෙදී සිටින අතරතුර ඉන්දියාවේ සිට පැමිණි ධීවරයින්ට කොරෝනා රෝගය වැළදී ඇති බවට ලැබුණු තොරතුරක් මත මන්නාරමේ හා වඩමරච්චියේ ධීවරයින් 9 දෙනාම නිරෝධායනයට ලක් කිරීමට සිදුව තිබේ.
වඩමරච්චි ධීවර සමීතියේ නිලධාරීන් කියා සිටින්නේ පසුගිය මාස කීපය හතර ඇතුළත යාපනයේ හා මන්නාරමේ ධීවරයින් 79 දෙනෙකු ඉන්දීය ධීවරයින් සමග සබදකම් පැවැත්වීම නිසා නිරෝධායනය කිරීමට සිදු වූ බවයි.