දිනසේන රතුගමගේ –
කොරෝනා රෝගය වැළදී කාන්තාවක් මියයාමත් සමගම වවුනියාවේ පෙරිය උළුක්කුලම ප්‍රදේශය හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් අද ( 27 ) උදෑසන කටයුතු කොට තිබේ.
ඒ අනුව එම ගම්මානයට ඇතුළු වීමට නොහැකි අන්දමට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
කොරෝනා රෝගය වැළදුණු 60හැවිරිදි කාන්තාව වවුනියාව මහ රෝහලේ වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයකදී ඇයට කොරෝනා රෝගය වැළදුණු බව සනාථ වී ඇත.
පසුව එම කාන්තාව කොරෝනා රෝගය සදහා ප්‍රතිකාර ලබා දීමට අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යැවීමෙන් පසුව 26 දා සවස මිය ගියාය.