විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විශාල පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම භයානක සහ රට මුහුණ පා තිබෙන ප්‍රමුඛතම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
කොරෝනා වසංගතයේ වත්මන් තත්වය ගැන අදහස් පලකරමින් මේ බව සඳහන් කරන අමාත්‍යවරිය ගෙවුණු මැයි මසතුළ මෙරටින් කිසිම කොරෝනා ආසාදිතයෙක් වාර්තා නොවුණු බව අනාවරණය කරයි.
මේ වනවිට විදේශගතව පැමිණි ශ්‍රී ලාංකිකයන් 552කට කොරෝනා ආසාදනය වී ඇති බවත්, ඔවුන් රටට පැමිණෙන්නේ වෛරසය ආසදනය වීමෙන් පසුව වීම ගැටලුවක් බවත් ඇය වැඩිදුරටත් පවසයි.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් මුලු ගණන 1631 කි. සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 801කි. මරණ සංඛ්‍යාව 10කි.