තවත් කොවිඩ් මරණ දෙකක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.
කොළඹ 11 පදිංචි වයස අවුරුදු 40ක පිරිමි පුද්ගලයෙකි. ඔහුත් මිය ගොස් ඇත්තේ නිවසේ දීය. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ඔහු මියගොස් සිටි බව රජය තහවුරු කරයි. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ කොවිඩ් 19 ආසාදනය නිසා සිදුවූ හෘදයාබාධයකි.
කැළණිය ප්‍රදේශයෙන් වාර්තාවන අනෙක් මරණය වයස අවුරුදු 45ක පුද්ගලයෙකුගේ ය. කොවිඩ් 19 ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු 2020.11.01 දින සිට හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිට ඇත. මරණයට හේතුව කොවිඩ් 19 උත්සන්න වීම නිසා ඇති වූ හෘදයාබාධයකි.
කොවිඩ් ආසාදනය නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව 44 බ දැන් රජය කියයි.