කොවිඩ් වසංගත තත්වය හමුවේත් සියලු සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් දිවා රාත්‍රිය පුරා මොරටුව ලුනාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් අද අලුයම තුනට පමණ වැටලීමට මොරටුව පොලිසිය කටයුතු කළේය.
තාවකාලික කුලී පදනම මත ලබා ගත් දෙමහල් නිවසක මෙම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබේ. අලුයම තුනට පමණ උපාය දූතයෙක් යොදවා පොලිසිය එම ස්ථානයට ඇතුළු වී ඇත. ඇතුළුවීමේ ගාස්තුව ලෙස රුපියල් තුන්දහසක් හා සේවා සැපයීම වෙනුවෙන් රුපියල් දෙදහසක් ලෙස රුපියල් පන්දහසක් අය කරගෙන ඇතැයි පොලිසිය කියයි.
කොවිඩ් පාලන නීති පමණක් නොව, රටේ සමාන්‍ය නීතිය ද උල්ලංඝණය කරමින් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
සේවා සැපයීමට මධ්‍යස්ථානයේ රැඳී සිටි අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රශ්න කිරීම් වලදී කාන්තාවන් පොලිසියට පවසා ඇත්තේ සම්බාහන මධ්‍යස්ථානයේ පරිපාලනය හා සම්බාහන කටයුතු තමන් විසින්ම පවත්වාගෙන යන බවය. ඔවුන් අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.