සමන්තිකා වීරවර්ධන –
ශ්‍රි ලංකාව තුළ දුම් පානය ක්‍රමයෙන් අඩු වී යමින් ඇති වකවානුවක කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය සඳහා දරන උත්සාහය හා ගංජා ප්‍රවර්ධනයට දරන උත්සාහය අතර වෙනසක් නැති බවත් මේ දකින්නේ එකම කාසියක දෙපැත්ත බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
දුම්බීම නිසා වසරකට රුපියල් කෝටි විසි දහසක් රටේ ආර්ථිකයට පාඩු වන බවත්, ජීවිත විසි දහසක් විනාශවන බවත්, වගකිවයුතු රජයක් ලෙස කළ යුත්තේ දුම්බීම අවම කරගැනීමට පියවර ගැනීම මිස ගංජා හෝ කුරුඳු ලෙසින් දුම් පානය ප්‍රවර්ධනය කිරීම නොවන බවත් එම සංගමය නිවේදනය කරයි.
දැව ඉන්ධන දහනයෙන් නිකුත්වන දුම් ආග්‍රහණයෙන් ලෝකයේ මරණ විශාල සංඛ්‍යාවක් සිදුවන බව පෙන්වා දෙන වෛද්‍ය සංගමය කුරුඳු ආහාරයක් ලෙස භාවිතා කිරීමේ දී ශරීරයට යහපතක් සිදු වුවත් දුම්වැටි ලෙස භවිතා කිරීමේ දී හානිදායක බව පෙන්වා දෙයි.
කුරුඳු දුම්වැටිය දුම් කොළ දුම් පානයට හානි රහිත විකල්පයක් නොවන බව අවධාරණය කරන එම සංගමය කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය සහ අලෙවි කිරීම සඳහා ඉඩ නොදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
එම නිවේදනය පහත දැක්වේ.