දිනසේන රතුගමගේ –
යාපනයේ පුංගුඩුතීව් ශිවම් කෝවිලේ කුරුක්කල්වරයාට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කළ බවට සැක පිට කයිට්ස් පොලීසිය විසින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු සැකකරුවන් පස් දෙනෙකු අද (4) අත් අඩංගුවට ගෙන තිබේ.
රාසයියා රාජරූප ෂර්මා නැමති මෙම කුරුක්කල්වරයා කෝවිලට අයත් නිවසක පදිංචිව සිටියදී ඊයේ (3) රාත්‍රීයේ ඝාතනයට ලක්ව ඇති අතර කෝවිලේ අවශ්‍යතාවයක් සඳහා කුරුක්කල්වරයාගෙන් රුපියල් 15000 ක් කාන්තාවන් දෙදෙනෙකු විසින් ලබා ගැනීමෙන් පසුව ඔහුව ඝාතනයට ලක්ව තිබේ.
මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ කයිට්ස් පොලීසිය සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.