කිසිවෙකුටත් වනජීවි පනත උල්ලංඝනය කිරීමට ඉඩ නොදෙන බව වනජීවී අමාත්‍ය සී.බී රත්නායක පවසයි.
රටේ වනජීවී සම්පත ආරක්ෂා කිරීම සඳහා පවතින නිර්ණායක හා අණපනත් ඒ ආකාරයෙන් ආරක්ෂා කරන බවට ද ඔහු පොරොන්දු වෙයි. පොළොන්නරුව තෙත්බිම් කලාපය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන නමුත් එහි කිසිවෙකුට හෝ නීති විරෝධී අනිසි ක්‍රියා සිදු කිරීමට කිසිවටෙකත් ඉඩ නොදෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මහනුවරදී අද (06) පැවති මාධ්‍ය හමුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ බව කීවේය.
වනජීවී වෘත්තීය සමිති යම් සංකේතාත්මක වැඩවර්ජනයක් කිරීමට බලාපොරොත්තු වුවත් දුරකථන මගින් එම වෘත්තීය සමිති හා තමන් කළ සාකච්ඡා යම් සාධනීය මට්ටමකින් අවසන්ව තිබෙන බවත් කඩිනමින් වෘත්තීය සමිති හා සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම කීය.