කිතුල් ගස්වල රා මැදීම සහ කිතුල් ගස්වලින් රා නිස්සාරණය කරන පුද්ගලයින්ට නඩු නොපවරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දෙයි.
කිතුල් ගස්වල රා මැදීම හා කිතුල් ගස්වලින් රා නිස්සාරණය කිරීමට බලපත්‍ර අවශ්‍ය නොමැති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේවුවද මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නඩු ලැබෙමින් පවතින බැවින් පොලිස් මූලස්ථානය මෙම දැනුම් දීම කර තිබේ.