ශ්‍රිලංකා කායවර්දන සංගමයේ සිදුව ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රීඩා වැරදි ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ද පොලිස් ක්‍රීඩා වැරදි ඒකකයේ විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
ඊට හේතු වී ඇත්තේ මෙම මූල්‍ය විමර්ශනවලදී රුපියල් මිලියන දෙකක් අවභාවිත කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
එහිදී ලූෂන් පුෂ්පරාජ ඇමරිකාවේ තරගාවලියක් සදහා සඳහා සහභාගිවීමට රුපියල් ලක්ෂ තුනක ගුවන් ටිකට් පත් ටිකට්පත් කාය වර්ධන සංගමය මගින් ලබාදුන් බවට සඳහනක් තිබීමයි.
එහෙත් මේ පිළිබඳ ලූෂන් පුෂ්පරාජ් මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ එවැනි කිසිදු ටිකට් පතක් කාය වර්ධන සංගමයෙන් තමාට නොලැබුණු බවයි.
2012 -2019 අතර කාලයේ දී මෙම සිදු වූ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් විමර්ශනය ක්‍රියාත්මකය.
මේ වන විට එහි නිලධාරීන් ගණනාවකගේ ප්‍රශ්න කර තිබෙන බව වාර්තා වෙයි.