ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා ප්රමුඛ 05 දෙනෙකුගෙන් යුතු කළමනාකරණ කමිටුවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත් කර තිබේ.
සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා සභාපති ලෙසත්, ඈෂ්ලි ද සිල්වා ලේකම්වරයා ලෙසත්, සුජීව මුදලිගේ භාණ්ඩාගාරික ලෙසත් පත් කර ඇති මේ කමිටුවට නීතීඥ උචිත වික්‍රමසිංහ සහ පරිපාලන නිලධාරියෙක් වූ අමල් එදිරිසූරිය එක් කර තිබේ.
මැයි මස 20 වන දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වන තෙක් අවශ්‍ය පරිපාලනමය සහ අනෙකුත් කටයුතු සිදු කිරීම සඳහා අප්‍රේල් මස 06 වනදා සිට මැයි මස 20 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි අදාළ කමිටුව පත්කර ඇත.