ආරම්භ කිරීමට සැලසුම් කර අතරමග නවතා දැමූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක අධ්යක්ෂ ලෙස කටයුතු කිරීමට පත්කළ ප්‍රවීන ක්‍රීඩා විචාරක මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ගෙවා ඇති රුපියල් ලක්ෂ 72ක අතාර්කික මුදලක් සම්බන්ධව ප්‍රශ්න කිරීමට කෝප් කමිටුව සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලිදරවු කරයි.
2018 වසරේ අප්‍රෙල් 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධ නිවේදයක් නිකුත් කර පැවැත්වීමට සැලසුම් කර ඇති එම ක්‍රිකට් තරගාවලියේ අධ්යක්ෂ ලෙස රසල් ආනල්ඩ්ව පත් කර තිබුණේය. පත්කළ දා සිට එම තනතුර සඳහා ඔහුට ඇමරිකා ඩොලර් 10,000 ක මාසික වැටුපක් ද ලබා දී තිබිණි. ඒ වන විට ඇමරිකා ඩොලරයක් පැවතියේ ශ්‍රී ලංකා රූපියල් 180 ක් ලසයි. මේ අනුව ආනල්ඩ් මාසිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්ෂ 18 ක වැටුපක් ලබා ගත්තේය. පහත දැක්වෙන්නේ ඔහුට පත්වීම ලබාදුන් නිවේදනයයි.
එහෙත් ඉන් මාස හතරකට පසු, එනම් 2018 වසරේ ජූලි මස 14 වැනිදා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවලංගු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. . ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ නිවේදනය පහත දැක්වේ.
එම මාස 04 සඳහා කිසිදු සේවයක් නොමැතිව රසල් ආනල්ඩ් වෙත ඇමරිකා ඩොලර් 10,000 බැගින් වැටුප් ගෙවා තිබිණි. ඔහුට ගෙවා ඇති මුළු මුදල ඇමරිකා ඩොලර් 40,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 72 කි.
මෙම කාලය තුළ ආනල්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ නැති බවත් ඔහු රැඳී සිට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බවත් වාර්තා වේ. මේ සම්බන්ධව ඉදිරි කැඳවීමේ දී කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රශ්න කිරීමට සූදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.