දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයේදී අද (23) සවස කලු ජූලියේ තිස් හත් වෙනි සැමරුම වෙනුවෙන් පහන් හා ඉටිපන්දම් දැල්වීමේ අවස්ථාවක් සංවිධානය කර තිබිණි
යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් විසින් සංවිධානය කළ මේ අවස්ථාවට සහභාගී වූ සිසුන් කලු ජූලියේදී මියගිය දෙමළ වැසියන් සිහිපත් කොට ඉටිපන්දම් හා පහන් දල්වා විනාඩි දෙකක කාලයක නිශ්ශබ්දතාවයක්ද ආරක්ෂා කොට තිබේ.