හිටපු අමාත්‍යවරයෙකු වන කරුණා අම්මාන් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා නොපැමිණීම හේතුවෙන් එහි විමර්ශන කණ්ඩායමක් අම්පාර බලා පිටත්ව ගොස් තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවීමක් කර තිබුණද සිය නීතිඥවරයකු මාර්ගයෙන් කරුණා අම්මාන් දන්වා ඇත්තේ තමා අසනීප ගතියෙන් පෙළෙන බැවින් පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.
කෙසේවෙතත් කරුණාඅම්මාන් පිළිබඳ සොයා බැලීම සඳහා රහස් පොලිස් විමර්ශන කණ්ඩායමක් අම්පාර බලා අද පිටත්ව ගොස් ඇත්තේ ඒ අනුවයි.
තමා එල්ටීටීඊ ත්‍රස්ථ ත්‍රස්ත සංවිධානයෙහි කටයුතු කළ සමයේ යුද හමුදාවේ සෙබළු දෙදහක් තුන්දාහක් පමණ ඝාතනය කළ බවට වන ප්‍රකාශයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම හේතුවෙන් දැඩි සමාජ විවේචන එල්ල වූ එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
කරුණාඅම්මාන් රහස් පොලිසියට කැඳවා ප්‍රකාශ ලබාගැනීමට නියමිතව ඇත්තේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙනි.