මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරනු ලබන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන කරුණා අම්මාන් මහතා විසින් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව පමණක් නොව, එල්ටීටීඊය එකල තොග පිටින් ළමා සොල්දාදුවන් බදවා ගැනීම සම්බන්ධයෙන් ද විමර්ශනයක් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.
ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධයක් ලෙස සැලකෙන ළමා සොල්දාදුවන් බඳවාගැනීම එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය සිදුකළ ආකාරය සම්බන්ධයෙන් කරුණා අම්මාන්ගෙන් ප්‍රශ්න කළ යුතු බව එම කාර්යාලය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව තුල වෙසෙන සෑම අයකුම වගවීමට යටත් විය යුතු බව ද එක ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධාරණය කර සිටී.
කරුණා අම්මාන් මහතා දිගාමඩුල්ලේ දී පසුගියදා පවසා තිබුණේ තමා එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ සිටි සමයේ දී හමුදාවෙ සෙබලු දෙදාහක් තුන්දාහක් පමණ අලිමංකඩ දී ඝාතනය කළ බවයි.
බෙහෙවින් සමාජ විවේචනයට ලක්වූ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වනවිට විමර්ශනයක් පැවැත්වේ.