ලලිත් චාමින්ද –
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ නේවාසික ප්‍රථිකාර ලැබු රෝගින් 04 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට අද (17) රාත්‍රියේ දි තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි.
කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති කාන්තාවන් තිදෙනා කඹුරුගමුව ලැබිම් රෝහල වෙත හා පිරිමි පුද්ගලයා හම්බන්තොට රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. සැක සහිත තවත් රෝගින් තිදෙනෙකුගේ පි.සි.ආර් පරික්ෂණ නැවත වතාවක් රසායනාගාර පරික්ෂණයට යොමුකොට ඇති බවද ඔහු කියයි.
පිළිකා වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබන සැමියාගේ සාත්තුවට සිටි බිරිදට අද (17) උදැසන කොවිඩ් ආසාදනය විමෙන් පසු වාට්ටුවේ රෝගින් පි.සි.ආර් පරික්ෂණවලට ලක්කිරිමට රෝහල් බලධාරින් විසින් තටයුතු කරණු ලැබිය. මෙකි කාන්තාව සුරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය ගොඩකන්ද ප්‍රදේශයේ බෝඩිමක නතර වි තම සැමියාට පිළිකා විට්ටුවට කැම බිමගෙනවිත් ඇත.
56 වාට්ටුවට අලුත් රෝගින් ඇතුළත් කරගැනිම තාවකාලිකව නතරකොට ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිශානි උඹේසේකර සදහන් කළාය.
වාට්ටුව වසා දැමිමක් සිදුකොට නොමැති බව පවසන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය 56 වාට්ටුවට ඇතුළත් කරගන්නා නව රෝගින් වෙනත් වාට්ටුවකට ඇතුළත් කරගන්නා බවද පැවසුවාය. කොවිඩ් වෛරසය ආසාදනය වු කාන්තාවගේ සැමියා මෙම වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් ඔහු ඇන්ටිජන් පරික්ෂණයකට ලක්කළ බවත් එම පරික්ෂණයේ දි ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය විනොමැති බවට තහවුරුවි ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයි සදහන් කළාය.
මේ පිළිබද අදහස් දක්වමින් ඇය මෙසේද කිවාය.
දැනට තාවකාලික පියවරක් ලෙස මෙම වාට්ටුව රෝගින් බැලිමට යන එන අය නතර කරලා තියෙනවා. අලුත් රෝගින් මෙම වාට්ටුවට ඇතුළත් කරගන්නේ නැහැ. රෝහලේ වෙනත් වාට්ටුවකට ඇතුළත් කරගන්නවා. වාට්ටුව විෂබිජහරණය කිරිමට කටයුතු කළා. රෝහලේ තියෙන කමිටුව රැස්වෙලා ඒ මගින් තමයි ඉදිරියේ කළයුතු දේවල් පිළිබද තින්දු ගන්නේ යැයිද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය පැවසුවාය.
.