කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් තිස් තුන් දෙනෙක් අද (27) හඳුනා ගත් බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන් බවත් කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී.කුලතිලක ලංකාසරට පැවසීය.
අසාදිතයන් අතර ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම සිටින බව ඔහු කීවේය.
කටාන ප්‍රදේශයේ තිබූ යකඩ කර්මාන්ත ශාලාවකින්, ඇඟළුම් කර්මාන්ත ශාලාවකින්, බෑග් නිශ්පාදන ආයතනයකින්, සහ රෙදි නිශ්පාදන ආයතනයකින් මෙම රෝගීන් වාර්තා වූ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේය.
මේ වනවිට ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කරමින් රෝගීන් රෝහල් ගතකිරීම් සිදු කරගෙන යන බව හෙතෙම කීවේය.