යාපනයේ මරදනාමඩු ප්‍රදේශයේ එළවලු වෙළෙන්දෙකුට හා ඔහු ඇසුරු කළ තවත් හතර දෙනෙකුට කොවිඩ්-19 රෝගය වැළදීම නිසා යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 28 ක් ඊයේ (13) සිට හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.
උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. කේතීස්වරන් ප්‍රකාශ කළේ එළවලු වෙළෙන්දා ඇතුළු ඔහුගේ හිතවතුන් හිතවතුන් හතර දෙනා එළවලු මිලට ගැනීම සදහා එම ප්‍රදේශ වලට ගොස් ඇති නිසා එම ප්‍රදේශ හුදෙකලා කිරීමට පියවර ගත් බවයි.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ වලදී කොවිඩ්-19 ආසාදිත වූ රෝගීන් 28 ක් 12 හා 13 යන දින වලදී හමු වී තිබේ.
උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 32 ක් ඇති අතර ඉන් 22 ක්ම හුදෙකලා කිරීමටසිදුව තිබේ.