මහා පරිමාණ මත් කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශණයකට අදාළව පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකු ඊයේ රාත්‍රියේ සැක පිට අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග “ලංකාසර“ ට වාර්තා කළේය.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා 2014 වසරේ පටන් මහා පරිමාණ මත් ජාවාරම් රැසක් අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කළ පොලිස් නිලධාරියකු වන අතර එම වසරේ ජූනි මාසයේද පොසොන් පොහෝ දින හෙරොයින් කිලෝ ග්‍රෑම් 80කට ආසන්න විශාල මත් ද්‍රව්‍ය තොලය අත්අඩංගුවට ගැනීම ද කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳසැල් පරිශ්රයක දී අත්අඩංගුවට ත් මෙරට දී හමුවූ විශාලතම මත්කුඩු තොගය වන කිලෝ ග්‍රෑම් 294ක තොගය අත්අඩංගුවට ගැනීම ද සිදු කෙරුණේ මොහුට ලද තොරතුරු මත වන අතර ඔහුගේ විමර්ශණ හරහා මේ වනවිට මත් කුඩු කිලෝ ග්‍රෑම් දහසකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට මුල් වී ක්‍රියා කළ නිලධාරියකු බව පැවසේ.
කෙසේ වුවද මොහුද මෙම ජාවාරම්කරුවන් සමඟ යම්සම්බන්ධතාවක් පවත්වාගෙන ඔවුන් සමඟ ජාවාරමට සම්බන්ධ ව ක්‍රියා කළ බව ට තොරතුරු හෙළි වෙමින් පවතින අතර මේ අනුව වැඩිදුර විමර්ශණ සඳහා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට ප්‍රකාශ කළේය.