දිනසේන රතුගමගේ –
යාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ”ආවා කල්ලියේ” සාමාජිකයෙකු කඩුවක් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග 13 දා කෝපායී ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ආවා සාමාජිකයාගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම කඩුව හා පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු කෝපායි පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.