ලලිත් චාමින්ද
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන්ගෙන සිටි ගාල්ලේ පිහිටි තරුපහේ හොටලයක තවත් සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වි ඇත්තේ හෝටලයේ ලොන්ඩරියේ සේවය කරණ සේවකයෙකුට බවද ඔහු පවසයි. එම සේවකයා සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මිට පෙර මෙකි සුපිරි හෝටලයේ අරක්කැමියන් දෙදෙනෙකු ඇතුළු සේවකයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි තිබුණි.