දිනසේන රතුගමගේ
යාපනයේ මරදනාමඩම් හා සංගානෙයි එළවලු තොග වෙළද පලවල් දෙකෙන් පසුගිය දින හතර ඇතුළත කොරෝනා රෝගීන් 60 කට වැඩි පිරිසක් හමුවීම නිසා උතුරේ එළවලු වෙළද සැල් තාවකාලිකව වසා දැමීමට උතුරේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කොට තිබේ.
උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මේපිළිබදව වහාම සොයා බලා එළවලු වෙළද සැල් වසා දැමීමට පියවර ගන්නා ලෙස උතුරේ සෞඛ්‍ය නිලධාරීන්ට දැණුම් දී තිබේ.
එම තීරණයත් සමගම 17 දා සවස කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ සියළුම එළවලු වෙළද සැල් වසා දමා තිබූ අතර උතුරේ සෙසු දිස්ත්‍රික්ක වලද එම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
යාපනයේ මරදනාමඩම් හා සංගානෙයි යන එළවලු තොග වෙළද මධ්‍යස්ථාන දෙකට උතුරේ සෑම ප්‍රදේශයකින්ම තොග හා සිල්ලර එළවලු වෙළද සැල් පවත්වා ගෙන යන පිරිස් ගත වූ කාලයේදි පැමිණ ඇති අතර ඔවුන් අතින් කොරෝනා රෝගය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ වැඩි නිසා මේ තීරණය ගෙන තිබේ.