දිනසේන රතුගමගේ –
උතුරු පළාතේ යාපනය හා වවුනියාව දිස්ත්‍රික්ක වල ද්වීතියික පාසල් 140 ක් අද (16) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගත් බව උතුරු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්.උදයකුමාර් පැවසීය.
එම පාසල් වල ළමුන්ගෙන් කීප දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පත්වීමත් සෙසු පාසල් වලට කොවිඩ් අවදානම ළගා වීමත් හේතුවෙන් මේ තීරණය ගත් බව අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසීය.
මෙසේ වසා දැමීමට තීරණය කරණ ලද පාසල් අතරින් පාසල් 135 ක් යාපනය දිස්ත්‍රික්කයේ වන අතර පාසල් 5 ක් වවුනියාව දිස්ත්‍රික්කයට අයත්වේ.
යාපනය හා වවුනියාව දිස්ත්‍රික්කවලට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් යම් අවදානමක් දක්නට ඇතත් උතුරු පළාතේ පාසල් 395 ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සමග නිරන්තරයෙන් සබදකම් පවත්වාගෙන පාසල් අවත්වාගෙන යාමට පියවර රැසක් ගෙන ඇති බවද උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසීය.