නතාෂා නෙත්මිණී –
උතුරු කෙළඹ හුදකලා කර තිබෙන ප්‍රදේශයන් හි මේ වන විට කොවිඩ් වෛරසය අවසාන අදියරේ පවතින බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි සඳහන් කරයි.
අවසන් අදියරේදී වෛරසයේ ව්‍යාප්තියේ සීග් රඅඩුවීමක් පෙන්නුම් කරන බැවින් එනම් ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් කෙනෙකුට වෛරසය බෝවීමේ හැකියාව ඉතා අල්ප යැයිද එය ඉතා හොඳ ප්රවනතාවක් යැයිද සඳහන් කරයි.
එම ප්රදේශයන්ගේ වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිශතය සියටට 40 සිට 12 දක්වා අඩුව ඇතැයිද වෛද්‍ය විජේමුණි කියයි.
තවද මේ වන විට කොළඹ නගරසභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ කම්කරුවන්ට සහ ගලි පිරිසිදු කරන්නන්ට කොවිඩ් අවදානම වැඩි බැවින් ඔවුන් ගැන මනා අවධානයෙන් පසුවන අතරම අවශ්‍ය වුවහොත් පීසීආර් පරික්ෂාවන්ට ලක්කරන බවද ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.