ශ්‍රි ලංකාවේ විශාලතම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල රැක ගැනීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ බව පැවසෙන කම්කරු අධ්යක්ෂ ජනරාල් ආනන්ද විමලවීර හදිසියේම එම ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන බව එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පවසයි. කම්කරු කොමසාරිස්වරයා එම ධුරයෙන් ඉවත් කරන්නේ එම අරමුදලේ මුදල් වෙනත් ආයෝජන ලබා ගැනීමටදැයි ඔවුහු සැක පළකරති.
පසුගිය යහපාලන රජය සමයේ ද අර්ථ සාධක අරමුදලේ මුදල් අනවශ්‍ය ලෙස ආයෝජන කටයුතු වලට යෙදවීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ කළද කොමසාරිස්වරයාගේ මැදිහත් වීම නිසා එය වළක්වා ගත හැකිව තිබේ.
ධුරයෙන් ඉවත් කිරීමට ඇති සැලසුම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලංකාසර කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමා කම්කරු කොමසාරිස් ධුරයෙන් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බව නිල නොවන අකාරයෙන් තමා දැනුවත්ව ඇති බවයි.