තුෂාරී කළුබෝවිල –
ඊසාන දිග මෝසම ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි, සුළං හා ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් සන්ධ්‍යා කාලයේ දී සබරගමු පළාතේ බොහෝ ප්‍රදේශවලට ද කලුතර, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට ද ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු ද ඇති විය හැකිය.
උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි සමග ඇතැම් විට සුළං ද ඇති වනු ඇත.
ගිගුරුම් සහිත අවස්ථාවලදී එළිමහන් ස්ථානවල ගැවසීම, විද්‍යුත් උපකරණ භාවිතය, ගස් යට රැඳී සිටීම හා ජලාශ්‍රිත ව කටයුතු කිරීම අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරුව අඟවයි.
මේ අතර මධ්‍යම කඳුකරට ඇද හැලෙන වැසි හේතුවෙන් කඳුකර ප්‍රදේශවල නායයාම්, කඳු හා කණ්ඩි කඩා වැටීම් සිදුවිය හැකි බැවින් විමසිලිමත් වන ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරුව අඟවයි.